සේපාල් අමරසිංහට ඇප නැතිවෙයි

දළඳා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළා.

ඒ සැකකරු අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ සැකකරු සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.