කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සිකුරාදා (31) දින අභාවප්‍රාප්ත වූ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා මහතාගේ අවසන් කටයුතු මුල්ලේරියාව බෝවන රෝග රෝහලේ දී සිදු කෙරිණි.
ඔහුගේ අවසන් කටයුතු කඩවතල ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරිණි.
ඒ අතරම, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ බිරිඳ සහ ඔහුගේ දරුවන් සමඟ අදහස් කිහිපයක් බෙදාගත් අතර, ඔහුගේ අනපේක්ෂිත නික්මයාම පිළිබඳව ශෝකය පළ කළේය.
එම අවස්ථාවට සහභාගි වු පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වී සිටි අතර ඔවුන් දෙදෙනා එහි දී එකිනෙකාට ආචාර කරගත් අයුරු පහත ඡායාරූප පෙළින් දැක ගන්න පුළුවන්.



















Are the Covid dead bodies released so? The cremation is done by the govt in a sealed coffin.