සූර් වී සංගීත ප්‍රසංගයේ යකා නැටූ චීවරධාරියා රෝහලේ

අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක දී බීමතින් හැසිරුණු චීවරධාරියෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එලෙස අත්අඩංගුවට ගත් චීවරධාරියා අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

අධික ලෙස බීමතින් සංගීත ප්‍රසංග භූමියේ කලහාකාරි ලෙස හැසිරුණු මෙම චීවරධාරියා සංගීත ප්‍රසංගය නරඹමින් සිටි සෙසු පුද්ගලයන් සමඟ ආරවුලක් ද ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අත්තනගල්ල පොලිසිය මැදිහත්ව ඔහු පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, අනතුරුව ඔහු පොලිස් ස්ථානයෙන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහු අල්ලා මාංචු යොදා තැබීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ චීවරදාරියා විසින් නිලධාරීන් කිහිප දෙනෙකුට ද පහරදීමක් සිදුකර ඇති අතර, ඔහු කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ වීදුරුවකට පහරදී එය බිඳ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුගේ දෑත් වීදුරුවට කැපී තුවාල සිදුවීම නිසා පොලිස් අත්අඩංගුව යටතේ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම චීවරධාරියාගේ අනන්‍යතාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11