spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූර් වී සංගීත ප්‍රසංගයේ යකා නැටූ චීවරධාරියා රෝහලේ

අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයක දී බීමතින් හැසිරුණු චීවරධාරියෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

එලෙස අත්අඩංගුවට ගත් චීවරධාරියා අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

අධික ලෙස බීමතින් සංගීත ප්‍රසංග භූමියේ කලහාකාරි ලෙස හැසිරුණු මෙම චීවරධාරියා සංගීත ප්‍රසංගය නරඹමින් සිටි සෙසු පුද්ගලයන් සමඟ ආරවුලක් ද ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අත්තනගල්ල පොලිසිය මැදිහත්ව ඔහු පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, අනතුරුව ඔහු පොලිස් ස්ථානයෙන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ඔහු අල්ලා මාංචු යොදා තැබීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ චීවරදාරියා විසින් නිලධාරීන් කිහිප දෙනෙකුට ද පහරදීමක් සිදුකර ඇති අතර, ඔහු කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ වීදුරුවකට පහරදී එය බිඳ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුගේ දෑත් වීදුරුවට කැපී තුවාල සිදුවීම නිසා පොලිස් අත්අඩංගුව යටතේ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම චීවරධාරියාගේ අනන්‍යතාවය පිළිබඳ තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
6
+1
27
+1
6
+1
10
+1
6
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?