සූදුවෙන් පැරදුණු මිතුරාට සල්ලි හොයන්න පාසල් සිසුවෙක් හරක් හොරකමේ ගිහින්

සූදු ක්‍රීඩාවෙන් පරාජය වූ තම මිතුරාට මුදල් සොයාදීම සඳහා මෝටර් රථ කුලියට ගෙන මීගව පැටවුන් සොරකම් කර එළු මස් ලෙස විකිණීමේ ජාවාරමක් මෙහෙය වූ පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

අම්බලන්ගොඩ පොලිස් වසමේ පසුගිය දිනවල ගව සොරකම් පිළිබඳව අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිලි මත ඒ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී අම්බලන්ගොඩ තල්ගස්ගොඩ, ගොඩහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යයෙක්.

අත්අඩංගුවට ගැනුණු එම සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අම්බලන්ගොඩ සහ වතුගෙදර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ද පාසල් සිසුන් බවයි වර්තා වන්නේ.

මෙම සැකකරුවන් බටපොල ප්‍රදේශයේ කුලියට මෝටර් රථ ලබාදෙන ස්ථානයකින් මෝටර් රථ ලබාගෙන ඒවායේ ගොස් ගව පැටවුන් සොරකම් කර මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී සූදු ක්‍රීඩාවෙන් පරාජයට පත් තම හිතවතෙකුට මුදල් ලබාදීම සඳහා මෙසේ ගවයන් විකුණූ බව පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

එළු මස් මිල අධික නිසා ගව පැටවුන් මරා එළු මස් ලෙස විකිණීමේ ජාවාරම මෙලෙස සිදුකර ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සිව්දෙනෙක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06