spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ඇපකර ලබාදීමට ඉදිරි මාස කිහිපය තුළ

ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීමට වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් පැවැතිය ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අර්බුදය තුළ සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අදාළ ණය ඇපකර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැකගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ ප්‍රධානතම සාධකයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2024 වන විට ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්වය වෙත ධනාත්මක ලෙස බලපානු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා වූ තිරසර ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ සංසදයට පසුගියදා එක් වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?