සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ඇපකර ලබාදීමට ඉදිරි මාස කිහිපය තුළ

ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීමට වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් පැවැතිය ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අර්බුදය තුළ සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අදාළ ණය ඇපකර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැකගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ ප්‍රධානතම සාධකයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2024 වන විට ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකත්වය වෙත ධනාත්මක ලෙස බලපානු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා වූ තිරසර ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ සංසදයට පසුගියදා එක් වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43