සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයයි – මුදල් රාජ්‍ය ඇමති

අර්බුදයෙන් හිස ඔසවමින් සිටින අවස්ථාවේ දී මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යකොට සලකන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2024 අයවැය මඟින් අදාළ ව්‍යවසාය නඟා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබාදීම සඳහාවන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

පොලී අනුපාත ක්‍රමයෙන් තනි ඉලක්කමට ළඟා වීමේ වාසිය ද මේ අතරතුර ඔවුන්ට හිමිවන බව ද ඔහු පෙන්වා ‌දෙනවා.

අයවැය මගින් වෙන්කර ඇති සියලු ප්‍රතිපාදන අනුව රුපියල් බිලියන 250ක පමණ මූල්‍ය වපසරියක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් සකස් කර තිබෙනවා.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය වාරිකයේ දෙවැන්න හිමිවීමත් සමඟ ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දෙන ප්‍රතිපාදන ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නඟා සිටුවීම සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කොවිඩ් වසංගතයේ සිට මේ දක්වා අදාළ ව්‍යවසාය වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය ලබාදීම ඇතුළු විවිධ සහන යෝජනා ක්‍රම 11ක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20