සුළු පැමිණිලි අංශයේ OICට අල්ලස් දුන් කතක් නඩු භාණ්ඩ එක්කම අත්අඩංගුවට

පොලීසියේ දී විභාග කර සමථයකට පත් කිරීමට නොහැකි වූ පැමිණිල්ලක් අධිකරණය වෙත ඉදිරිපත් නොකර සිටීමට පොලිස් නිලධාරියෙකුට රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ කළ කාන්තාවක්ව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වෙන්නප්පුව, දකුණු දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි තැනැත්තියක් බවයි පොලිසිය සන්ධාන කළේ.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඊයේ (14) දින වෙන්නප්පුව පොලීසියේ සුළු පැමිණිලි අංශයේ දී විභාගයට ගෙන තිබෙනවා.

එම පැමිණිල්ල දෙපාර්ශ්වය සමථයකට පත් නොවී ඇති අතර, අවසානයේදී එය ආරවුලක් බවට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ඇතිවු ආරවුල අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල විභාග කළ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සූදානම් වී තිබෙනවා.

එම අවස්ථවේ දී එය අධිකරණට ඉදිරිපත් නොකර සිටීම සදහා සැකකාර කාන්තාව විසින් සූළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව රජයේ නිලධාරියෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාව යටතේ සැකකාරියව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය පොලිස් නිලධාරියා වෙත අල්ලස් ලෙස ලබා දී ඇති රුපියල් 5000 නෝට්ටු 03ක්ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂමට භාරදීමට නියමිතව බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14