spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුළු පක්ෂ කනෙන් ඇදලා එළියටම දාන්න ඕනා

ආණ්ඩුවේ සිටිමින් වරප්‍රසාද ලබමින් සිටින සුළු දේශපාලන පක්ෂ ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන්නේ නම් එම පිරිස් කණෙන් ඇද එළියට දමන්නැයි පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

සුළු පක්ෂ වල වර්තමාන හැසිරීම ආණ්ඩුව බරපතල ප්‍රශ්නයක් බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙනවා

ආණ්ඩුව සමග සිටිමින් ලබාගත හැකි සියලු වරප්‍රසාද ගෙන අවසානයේ ආණ්ඩුවට ම බැන වැදිමට සුළු පක්‍ෂ කටයුතු කරමින් සිටින බව ද ඔහු චෝදනා කරනවා

ඔවුන්ගේ මතවාදයන් ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන සෙසු පක්ෂ සාමාජිකයන් සිටින්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස් විය යුතු බවත් නැතිනම් අල්ලා විසිකරන තැනට පත් විය යුතු බවත් ඔහු කියා සිටිනවා

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?