සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක් අරඹයි – ගම්මන්පිල

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට ලබාදෙන අමානුෂික වද හිංසා හේතුවෙන් ඔහු ආහාර ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

සුරේෂ් සලේ ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත්, අද (06) උදෑසන ඔහුව හමුවීමට රහස් පොලිසිය වෙත ගිය ඔහුගේ සහෝදරයාට සහ පුත්‍රයාට මේ බව දැනුම් දී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.

”සුරේෂ් සලේ බලන්න අද උදේ ඔහුගේ සහෝදරයයි, පුතයි රහස් පොලිසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමට ලක්වෙලා හිටියේ. ඔහුට ඊයේ රාත්‍රී කෑමට ලබා දීලා තියෙන්නේ බත් හැන්ඳක්, රාබු හොදි සමඟ පමණයි. පත්තර කොලයක් බිම එලලා, ඒකට තමයි බත් හැන්ඳයි රාබු හොදියි බෙදලා තියෙන්නේ. පත්තර කොලේ කෑමවලින් පෙඟිලා ඔහු කෑම එක අතට ගන්න යද්දී පත්තර කොලේ ඉරිලා කෑම ටික බිමට වැටිලා තියෙනවා. එතකොට ඔහුට කන්න වෙන්නේ බිම තියෙන කෑම, මෙයින් මානසිඋකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි, රහස් පොලිසිය විසින් සිදු කරන අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

  1. අනේ මොඩ තකතිරු ගොම්මන් පිලයො සතෙකුටවත් එහෙම සලකන්නේ නැත මේම පෙකාසය ඔබ විසින් කලානම් තොටහෙන හතම ගහනවා කියන බොරුවලට

  2. හ හා… එතකොට කවුද ලෙමන් පෆ් දෙන්නෙ උඹද පනික්කි විමලයද ? තැඹිලි දෙන්න නාකි මයිනා එයි… ඔහොම යං… බලපන් අනුකම්පාවක් දිනා ගන්න පුලුවන්ද කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32