සුරාබදු ඉහළ දැමූ නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෝටර් රථ, දුම්වැටි, පැණිබීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලුම අයිතම සඳහා වන නිෂ්පාදන බද්ද 2025 01 11 දින සිට ක්‍රියාත්මක වන පරිදි 5.9%කින් වැඩි කරනු ලැබුවා.

එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025.01.10 දිනැති අංක 2418/43 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම, 2025.01.11 දින සිට බලපැවැත්වෙන පරිදි මත්පැන් සඳහා වන සුරාබද්ද 5.9%කින් වැඩි කර ඇති අතර, ඒ සඳහා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 දරන සුරාබදු නිවේදනය 2025.01.10 දිනැති අංක 2418/42 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, ඉහත සඳහන් නියමය සහ සුරාබදු නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14