සුමතිපාල නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ භුක්තිය ඉල්ලයි (වීඩියෝ)

කොළඹ 10, ටී.බී.ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් ජනතා සන්ධානයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල පිහිටි ගොඩනැගිල්ල පසුගිය පස්වැනි දා ඉබි යතුරු දමා වසා දැමීම සම්බන්ධයෙන් ජුලි 26 වෙනිදා අධිකරණයට කරුණු දක්වන්නයි දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනිෂ්ඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට ආදේශ සිතාසී යැවීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (19) නියෝග කළා.

එදින එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම කාර්යාල ගොඩනැගිල්ල පිහිටි කුටිය තුළ සිටියදීම කිසිදු පාර්ශ්වයකට එම පරිශ්‍රයට ඇතුල්වීම වැළැක්වීමේ අරමුණින් එලෙස ඉබි යතුරුදමා වසා දැමීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා නිදහස් ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල ගොනුකරන ලද පෞද්ගලික නඩුවක් අද (19) දිනයේ නැවත සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළා.

නඩුව අද කැඳ වූ අවස්ථාවේ තිලංග සුමතිපාල වෙනුවෙන් පෙනී නිතීඥ ප්‍රියන්ත උපාලි අමරසිංහ අධිකරණයට දන්වා සිටියේ, සිතාසි භාරදීම සඳහා නිමල් සිරිපාල ද සිල්වාගේ පදිංචි ලිපිනයට කීප දවසක් ගිය ද එම ස්ථානයේ ඔහු නොසිටි බවයි.

ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් පමණක් එම ස්ථානයේ සිටින පැවසූ නීතීඥවරයාට මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ එසේනම් ආදේශ සිතාසී යැවීමට කටයුතු කරන ලෙසයි.

ඊට අමතරව අද දින එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලවල ස්ථානීය භුක්තිය ලබාගැනීම සඳහා ද තිලංග සුමතිපාල විසින් මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද තවත් නඩුවක් ගොනු කළා.

මෙම නඩු දෙකම නැවත ජුලි 26 කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46