spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුමතිපාලගේ පාපන්දු සභාපති නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා තීන්දුව නිලවරණ කමිටුව විසින් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා.

එහිදී සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අනුරාධපුර ලීග් සභාපති දක්ෂිත සුමතිපාලගේ නාමයෝජනා අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙවර නිලවරණය සඳහා පාර්ශ්ව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර, එහි එක් පාර්ශ්වයක් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කෙරුණා.

අනතුරුව නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට පසුව අවස්ථාව සලසා දී තිබූ අතර, එම අභියාචනා පිළිබඳ විමසා බැලූ කමිටුව මෙම තීරණය ඊයේ සවස දැනුම් දුන්නා.

කෙසේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනා පමණක් පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය පළ කර තිබෙනවා.

නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අනෙක් පාර්ශ්වය වූ ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට ද විරෝධතා ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රතික්ෂේප වුණා.

ඒ, අනුව ලබන 29 වැනිදා පැවැත්වෙන පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර්ගේ පාර්ශ්වයෙන් 13 දෙනෙක් තරග වදින අතර අනෙක් පාර්ශ්වයෙන් දෙදෙනෙක් තරඟ වදිනවා.

ඉදිරි වසර හතක ධූර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?