සුමතිපාලගේ පාපන්දු සභාපති නාමයෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා තීන්දුව නිලවරණ කමිටුව විසින් ඊයේ (04) ප්‍රකාශයට පත් කළා.

එහිදී සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අනුරාධපුර ලීග් සභාපති දක්ෂිත සුමතිපාලගේ නාමයෝජනා අභියාචනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙවර නිලවරණය සඳහා පාර්ශ්ව දෙකකින් නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අතර, එහි එක් පාර්ශ්වයක් වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාලගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කෙරුණා.

අනතුරුව නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට පසුව අවස්ථාව සලසා දී තිබූ අතර, එම අභියාචනා පිළිබඳ විමසා බැලූ කමිටුව මෙම තීරණය ඊයේ සවස දැනුම් දුන්නා.

කෙසේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනා පමණක් පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය පළ කර තිබෙනවා.

නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් අනෙක් පාර්ශ්වය වූ ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට ද විරෝධතා ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රතික්ෂේප වුණා.

ඒ, අනුව ලබන 29 වැනිදා පැවැත්වෙන පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර්ගේ පාර්ශ්වයෙන් 13 දෙනෙක් තරග වදින අතර අනෙක් පාර්ශ්වයෙන් දෙදෙනෙක් තරඟ වදිනවා.

ඉදිරි වසර හතක ධූර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් ලබන 29 වැනිදා නිලවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ නාමයෝජනා භාරගැනීම පසුගිය 19 වැනිදා ආරම්භ වී 29 වැනිදා අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12