spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුබසාධක දීමනා ලබාදීම සම්බන්ධව විශේෂ තීරණයක්

සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේ දී සුදුසුකම් සැපිරූ යම් පාර්ශ්වයක් මඟහැරී ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ සලසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් සහ පාරිල්මෙන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සමෘද්ධි දීමනා ලබාදීමේ නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ විවාදයෙන් පසුව, ඡන්ද විමසීමකින් තොරව අනුමත වූ එම සංශෝධන අනුව, විනිවිද භාවයකින් යුතු තෝරාගැනීම් ක්‍රමවේදයකින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සූදානම් ක‌ර ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

“මෙම වැඩසටහන අනිවාර්යෙන්ම විනිවිද භාවයකින් පැවතිය යුතු වෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා පවත්වාගෙන ආ මෙම මූලික අදියර තුළදී යම් යම් අඩුපාඩු පැවතිය හැකියි. ප්‍රතිලාභියාම ඉලක්ක කරගෙන එම අඩුපාඩු සකස් කරගෙන, දෙවන අදියරේදී කටයුතු කරනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම සාකච්ඡාවට සහභාගී වෙමින්, මතු නොවූ ගැටළු පෙන්වා දීමට කටයුතු කිරීම ගැන මම ඔබ සියළු දෙනාට ස්තුතිවන්ත වනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?