සුබසාධක දීමනා ලබාදීම සම්බන්ධව විශේෂ තීරණයක්

සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේ දී සුදුසුකම් සැපිරූ යම් පාර්ශ්වයක් මඟහැරී ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ සලසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් සහ පාරිල්මෙන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සමෘද්ධි දීමනා ලබාදීමේ නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ විවාදයෙන් පසුව, ඡන්ද විමසීමකින් තොරව අනුමත වූ එම සංශෝධන අනුව, විනිවිද භාවයකින් යුතු තෝරාගැනීම් ක්‍රමවේදයකින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සූදානම් ක‌ර ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

“මෙම වැඩසටහන අනිවාර්යෙන්ම විනිවිද භාවයකින් පැවතිය යුතු වෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා පවත්වාගෙන ආ මෙම මූලික අදියර තුළදී යම් යම් අඩුපාඩු පැවතිය හැකියි. ප්‍රතිලාභියාම ඉලක්ක කරගෙන එම අඩුපාඩු සකස් කරගෙන, දෙවන අදියරේදී කටයුතු කරනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම සාකච්ඡාවට සහභාගී වෙමින්, මතු නොවූ ගැටළු පෙන්වා දීමට කටයුතු කිරීම ගැන මම ඔබ සියළු දෙනාට ස්තුතිවන්ත වනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21