සුපිරි 12 වටයේ දී ඉන්දියාව දෙවන පරාජයත් වැළඳ ගනියි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ (31) පැවති තරගයකින් නවසීලන්තය හමුවේ පරාජය වන්නට ඉන්දියාවට සිදුවුණා.

ඉන්දියාව පරාජය කරමින් නවසීලන්තය මෙම තරගය ජය ගත්තේ කඩුලු 08කින්.

ඒ අනුව සුපිරි 12 වටයේ දී ඉන්දියාව සහභාගී වූ තරග දෙකම මේ වනවිට පරාජයට පත්වීම ද විශේෂත්වයක්

අද තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 110ක් පමණයි.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය කඩුලු 03ක් බිද දැමුවේ තමන් යැවූ පන්දුවාර 04 තුළ ලකුණු 20ක් පමණක් ලබා දෙමින්.

ලකුණු 111ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 14යි පන්දු 03ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

එහිදී ඩැරල් මිචෙල් ලකුණු 49ක් රැස්කළ අතර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 32ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැසිකිළිවලට මුලගල් තියන එක තමයි මේ ආණ්ඩුවේ සංවර්ධනය
11:08
Video thumbnail
චාමර දීපු Entry එකට වේදිකාව දෙදරෙයි
01:45
Video thumbnail
හිරේ දාලා අපිව බය කරන්න බෑ - දුමින්ද සැරවෙයි
09:43
Video thumbnail
එරාජ් ප්‍රනාන්දු එළොව ගිය ස්ථානයට මහේස්ත්‍රාත්වරයා පැමිණෙයි - ගොඩනැගිල්ල ඇතුළත දර්ශන මෙන්න
03:25
Video thumbnail
අපේ කවුරුහරි ජනාධිපති සූට් මහනවා නම් අපි ඒක ගලවනවා
03:54
Video thumbnail
අධිකරණයෙන් එළියට ආ වටගල කිව්ව දේ - නීත්‍යානුකූලයි සහ ජනමත විචාරණයක් අනවශ්‍ය බව පෙන්නුවා
02:06
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14