සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා දැඩි සත්කාරයේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ඕස්ට්‍රේලියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ තරගාවලියේ එතෙක් අපරාජිත වාර්තාව තමන් සතුකරගෙන සිටි පාකිස්ථානය කඩුලු 05කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භකර පිතිකරු මොහොමඩ් රිස්වාන් තරගයට පෙර දින දෙකේ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පැමිණ මෙම තරගය ක්‍රීඩා කළ බව පිතිකරණ පුහුණුකරු මැතිව් හේඩ්න් පවසනවා.

රිස්වාන්ට ඇති වූ දරුණු පපුවේ ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මැතිව් හේඩ්න් වැඩිදුරටත් පවසන්නේ අවසන් පූර්ව තරගය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් යෙදවීම සම්බන්ධයෙන් අවින්ශ්චිත තත්ත්වයක් පැවතුන ද ප්‍රතිකාර ලබා පැමිණි රිස්වාන්ගේ යෝග්‍යතා පරීක්ෂණය යහපත් වීම හේතුවෙන් ඔහුට ඊයේ තරගය ක්‍රීඩා කිරීමට හැකි වූ බවයි.

ඊයේ තරගයේදී මොහොමඩ් රිස්වාන් පන්දු 52කදී ලකුණු 67ක් ලබා ගන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට ආරම්භයේ සිටම හිසරදයක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන සජිත්ගෙන් ප්‍රශ්න කෝටියක්
18:02
Video thumbnail
හොරෙන් හොරෙන් ලයිට් ක#නවා - අනුර කුමාර මේකට වගකියන්න ඕනේ
06:52
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ සත්‍යග්‍රහයේ නවතම තත්ත්වය
00:56