සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා දැඩි සත්කාරයේ

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ඕස්ට්‍රේලියාව ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ තරගාවලියේ එතෙක් අපරාජිත වාර්තාව තමන් සතුකරගෙන සිටි පාකිස්ථානය කඩුලු 05කින් පරාජයට පත්කරමින්.

මෙම තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භකර පිතිකරු මොහොමඩ් රිස්වාන් තරගයට පෙර දින දෙකේ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පැමිණ මෙම තරගය ක්‍රීඩා කළ බව පිතිකරණ පුහුණුකරු මැතිව් හේඩ්න් පවසනවා.

රිස්වාන්ට ඇති වූ දරුණු පපුවේ ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මැතිව් හේඩ්න් වැඩිදුරටත් පවසන්නේ අවසන් පූර්ව තරගය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් යෙදවීම සම්බන්ධයෙන් අවින්ශ්චිත තත්ත්වයක් පැවතුන ද ප්‍රතිකාර ලබා පැමිණි රිස්වාන්ගේ යෝග්‍යතා පරීක්ෂණය යහපත් වීම හේතුවෙන් ඔහුට ඊයේ තරගය ක්‍රීඩා කිරීමට හැකි වූ බවයි.

ඊයේ තරගයේදී මොහොමඩ් රිස්වාන් පන්දු 52කදී ලකුණු 67ක් ලබා ගන්නේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට ආරම්භයේ සිටම හිසරදයක් වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28