සුප්‍රසිද්ධ බොලිවුඩ් ගායක සුබීන් ගාර්ග් සිංගප්පූරුවේ ගැඹුරු මුහුදේ කිමිදීමේ දී සිදුවූ හදිසි අනතුරකින් අද (19) මියගොස් තිබෙනවා.
52 හැවිරිදි ඔහු සැප්තැම්බර් 20 සහ 21 යන දිනවල සිංගප්පූරුවේ ප්‍රසංගයන් සඳහා සහභාගී වීමට නියමිතව සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිංගප්පූරුවේ ගාර්ග් මුහුදු සිමාවේ දී අනතුරට පත් මොහුව ගොඩබිමට ගෙන ගොස් මුලික ප්‍රථමාධාර ලබා දී ඇති නමුත් පසුව ඔහුව රෝහලකට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.













