සුපර් 08 වටයේ පළමු ජය දකුණු අප්‍රිකාවට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා අතර තරග වටයේ පැවති ආරම්භක තරගයේ ජය වාර්තා කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඊයේ (19) නෝර්ත් සවුන්ඩ් හි දී අමෙරිකාවට එරෙහිව පැවති තරග ලකුණු 18කින් ජය ගැනීමටයි දකුණු අප්‍රිකානුවන් සමත් වුනේ.

තරගයේ කාසිය වාසිය උරගා බැලූ අවස්ථාවේ දී එහි වාසිය අමෙරිකානුවන් සතු වූ අතර පළමු ව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

අමෙරිකානු නායකයාගේ ආරාධනයෙන් පළමු ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානුවන් කඩුලු 04ක් දැවී දැවැන්ත ලකුණු 194ක් රැස් කළේ පන්දුවාර 20 අවසානයේ දී යි.

Quinton de Kock විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 07ක් සමගින් පන්දු 40ක දී ලකුණු 74ක් රැස් කළා.

එයිඩ්න් මාක්‍රම් ලකුණු 46යි.

කඩුලු බිඳ දැමීමේ දී Saurabh Netravalkar සහ Harmeet Singh කඩුලු 02ක බැගින් දවා ගත්තා.

ජයග්‍රහණයට පන්දු 120ක දී ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකාවට පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

Andries Gous පන්දු 47ක දී ලකුණු 80ක් රැස් කළා.

Kagiso Rabada කඩුලු 03ක් බිඳ දමද්දී, මහරාජ්, තම්සි සහ නෝට්ජේ එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය Quinton de Kock විසින් දිනා ගනු ලැබුවේ සුපිරි 08 දෙනාගේ තරග වටයේ දී තමන් ලැබූ පළවෙනි ජයග්‍රහණය ද දකුණු අප්‍රිකාව තමන් සතු කරගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46