2004 වසරේ දෙසැම්බර් 26 වනදා සුනාමි ඛේදවාචකයකට හසුව පැරෑලිය දුම්රිය ස්ථානයේ දී අනතුරට පත් දුම්රියේ ගමන් ගත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද (26) දිනයේ දී විශේෂිත දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කළා.
මෙම දුම්රිය පෙරවරු 6.25ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව පෙරවරු 6.50ට බෙලිඅත්ත බලා පිටත් වුණා.
2004 වර්ෂයේ සුනාමි ඛේදවාචකයකට හසුව අනතුරට පත් වූ අංක 591දරණ දුම්රිය ඇන්ජිම අදත් එලෙසම ගමන් ඇරඹීම විශේෂත්වයක්.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් මෙම දුම්රිය තුළ පුෂ්ප උපහාර දැක්වීමක් ද සිදුකළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මෙම දුම්රිය පැරෑලිය දුම්රිය ස්ථානයේ දී විනාඩි දහයක පමණ කාලයක් නවත්වා පැරෑලියේ පැවැත්වෙන සුනාමි සැමරුම් ස්ථානයේ පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතයි.













