spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුඛෝපභෝගී බසයක ත්‍රිරෝද රථයක් ගැටී මාරක අනතුරක් (ඡායාරූප)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (22) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ ඒ අවට රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක සහ 19ක තරුණයින් දෙදෙනෙක්.

ඔවුන්ගේ මළසිරුරු මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති අතර, බස් රථයේ රියැදුරා කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
132
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?