සී.සී.ටී.වී. දර්ශන මගින් ඇල්ලූ බයික් හොරකම

‍යතුරුපැදි සහ ත්‍රීරෝද රථයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම යතුරුපැදි සහ ත්‍රීරෝද රථයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මෙම සොරකමෙහි නියැලී ඇත්තේ කහතුඩුව, කැස්බෑව, බුලත්සිංහල, ගාල්ල හා කළුතර පොලිස්වසම්වල දී බවයි පැවසෙන්නේ.

සැකකරුවන් ව සීසීටීවී දර්ශන අනුව විමර්ශන සිදු කිරීමෙන් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉකුත් මාස තුනක කාලය තුළ මෙම සොරකම් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හොරණ ප්‍රදේශයේ ඉවතලන යකඩ අබලි යකඩ මිල දී ගන්නා පුද්ගලයකු බවත් පොලිසිය පවසනවා.

සැකකරු දහවල් කාලයේ දී අබලි ද්‍රව්‍ය එකතු කරන මුවාවෙන් විවිධ ප්‍රදේශවල සැරිසරමින් රැස්කරගන්නා තොරතුරු අනෙක් සැකකරු වෙත ලබාදීමෙන් අනතුරුව ඔහු විසින් සොරකම් කර රැගෙන එන ලද යතුරුපැදි සඳහා රුපියල් 30,000ක මුදලක් ලබාදීම ප්‍රධාන සැකකරු විසින් සිදු කර තිබූ බවයි හෙළි ව ඇත්තේ.

ඔහු විසින් එම යතුරුපැදිවල චැසි සහ එන්ජින් අංක මකා විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර තිබූ බවත් වාර්තා වනවා.

ඊට අමතරව යතුරුපැදි පිටින් රුපියල් ලක්ෂ 06-07 වටිනා යතුරුපැදි ඉතා අඩු මුදලකට හොරණ ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් වෙත විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56