සීෂෙල්ස් රාජ්‍යයේ හදිසි තත්ත්වයක්

සීෂෙල්ස් හි ප්‍රධාන දූපත වන මහේ හි කාර්මික ප්‍රදේශයක දැවැන්ත පිපිරීමක් මෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති වීමෙන් පසු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පිපිරීමෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නිවාස විනාශ වී ගොස් මහේ දූපතේ නැගෙනහිර වෙරළ තීරයට දැවැන්ත බලපෑමක් සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අත්‍යාවශ්‍ය සේවකයින් හැර අන් සියල්ලන්ටම නිවෙස්වල රැඳී සිටින ලෙස සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් (Wavel Ramkalawan) නියෝග කර තිබෙනවා.

පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා.

කන්ටේනර් හතරක පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ ඉදිකිරීම් සහ ගල් කැණීම් සමාගමක, දේශීය වේලාවෙන් සවස 02ට පමණ මෙම පිපිරීම සිදු වී ඇතැයි සඳහන්.

පසුගිය වසර 10 පුරාවටම මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රඳවාගෙන සිටීම පිළිබඳ විශාල කනස්සල්ලක් ද මතුවී තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

“පුපුරන ද්‍රව්‍ය කන්ටේනර් හතරක් පිපිරුණා… මගේ හදවත දැන් බරයි, පවුල් ගණනාවක් පීඩාවට පත් වන බව මම දනිමි. ප්‍රොවිඩන්ස්, පෙටිට් පැරිස් සහ කැස්කැඩ් මෙවැනි තත්ත්වයක සිටිනු දැකීමෙන් මම කම්පනයට පත් වුණෙමි. එය හරියට අපි යුද්ධයකට ගියාක් මෙනි. .”

කිලෝමීටර් 4ක් දුරින් ඇති සීෂෙල්ස් හි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ද හානි සිදු වී තිබෙනවා. පාසල් වසා දමා ඇති අතර හදිසි අවස්ථා හැර අන් සියල්ලටම රෝහල් ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවමත් ක්‍රියාත්මක වන අතර දූපත් අතර පාරු සේවා නරඹන්නන් සඳහා ක්‍රියාත්මක බව සඳහන්.

එක්සත් රාජධානියේ රජය මහේ දූපතේ සිටින තම පුරවැසියන්ට නැවත දැනුම් දෙන තුරු ගෘහස්ථව සිටින ලෙස ද උපදෙස් දී තිබෙනවා.

එක රැයකින් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර සහ නාය යෑම් ඇති වී ඇති අතර, දිවයිනේ ප්‍රතිචාර කණ්ඩායම්වලට එය තවත් පීඩනයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර හේතුවෙන් අපද්‍රව්‍ය සාගරයට ගලායාමට හේතු වී ඇති අතර ජනතාවට පිහිනීමෙන් වළකින ලෙසට ද දැනුම් දී තිබෙනවා.

ජනාධිපති රාම්කලවන් මෙම ද්විත්ව ව්‍යසනයන් රටට විපතක් ලෙස හැඳින්වූ අතර විපතට පත් වූවන්ට සහයෝගීතාවය දක්වන ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06