සීයා හීනෙන් කියූ මැණික් මුට්ටිය ගන්න ගිය මුණුපුරා අකරතැබ්බයක (ඡායාරූප)

බුත්තල, කරවිලකනත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා විසින් ඉදිකරමින් පවතින නිවසක කාමරයක මෙම කැණීම් සූක්ෂම ලෙස සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය හමුවේ පවසා ඇත්තේ, තම සීයා හීනෙන් පැමිණ මෙම ස්ථානයේ මැණික් මුට්ටියක් ඇති බවත් එය ලබාගෙන දියණු වන ලෙසත් තමන්ට පැවසූ බවයි.

ඒ, අනුව තමන් එම නිධානය සොයා මෙම ස්ථානයේ කැනීම් සිදුකළ බවයි ඔහු පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 43ක අයෙක් වන අතර, සැකකරු කැණීම් සදහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයුඅට ගෙන තිබෙනවා.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23