සීදූව – ලියනගේමුල්ලේ දී ඝාතනය කර තිබූ කතගේ තොරතුරු හෙළිවෙයි

කැපුම් තුවාල සහිතව සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ දී මියගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාවය මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනය බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමැති 36 හැවිරිදි එක්දරු මවක් බවයි වාර්තා වන්නේ.

ගාල්ල, නෙළුව, බටහිර බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම කාන්තාව සීදුව, ලියනගෙමුල්ල, ජූඩ් මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචිව සිට තිබෙනවා.

මෙම කාන්තාව මීට වසර 06 කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය සඳහා පැමිණ ඇති අතර, පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමඟ අදාළ නේවාසිකාගාරයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ සිදුවීමක් මුල්කර ගනිමින් අදාළ හෝටල් සේවකයා සමඟ ඇති කරගත් ආරවුලකින් පසු අද (28) අලුයම ඇය මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (28) අලුයම 02.00 ත් 03.00 ත් අතර කාලයේ දී මෙම කාන්තාව අදාළ පුද්ගලයා සමඟ ලියනගේමුල්ල සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන ආකාරය ද ආරක්ෂිත කැමරා දර්ශනවල පටිගතව තිබෙනවා.

මෙම කාන්තාවගේ මුහුණේ කැපුම් තුවාල සහිත මළ සිරුර ලියනගේමුල්ල, කැලෑ පල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී අද (28) අලුයම සොයාගත් බවයි සීදූව පොලිසිය සඳහන් කළේ.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කරනු ලැබුවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකරුවන් සොයා සීදුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18