spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සීදූවේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන තොරතුරු කිහිපයක් එළියට (වීඩියෝ)

සීදූව, පල්ලිය හංදිය ප්‍රදේශයේ දී අද (26) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් අනාවරණය වී තිබෙනවා.

අද (26) පෙරවරු 11.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොටුගොඩ, පුබුදුමාවත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.

වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයාගේ මුඛයට බරපතළ තුවාල සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සිය මව සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණා.

මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ මස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන අයෙක් බවට අනාවරණය වී ඇති අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සීදූව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?