සීදූවේ ජනතාවට සති අන්තයේ විදුලියෙන් කරදර – විසඳුමක් පෙනෙනතෙක් මානයක නැහැ !

දීර්ඝ කාලයක සිට සෑම සති අන්තයකම විටින් විට සිදුවන විදුලිය බිඳවැටීම් හේතුවෙන් සීදූව, ලියනේගේමුල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

එම ප්‍රදේශවාසීන් පවසන්නේ සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල දිනකට අවස්ථා 10-12ක් මෙලෙස විදුලිය බිඳවැටීම් සිදුවන බවයි.

මේ හේතුවෙන් තම දෛනික කටයුතු සිදුකර ගැනීමට පවා ඇසිරූ තත්ත්වයක් සති අන්තයේ උද්ගත වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම කලාපය තුළ ව්‍යාපාරික ස්ථාන ද රැසක් පිහිටා ඇති අතර, ඒවායේ කටයුතුවලට ද මෙලෙස නිතර නිතර සිදුවන විදුලිය බිඳවැටීම නිසා විශාල පාඩුවක් සිදුවන බවත්, අවස්ථා කිහිපයක දී ඒවායේ ඇති පරිගණක ඇතුළු ඇතැම් යන්ත්‍රෝපකරණවලට ද හානි සිදුව ඇති බවත් ඔවුන් පවසනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) දැනුම්වත් කිරීමට කටයුතු කළ ද මේ වනතෙක් ඔවුන්ගෙන් මෙම ගැටළුවට නිසි පිළිතුරුක් ලැබී නැහැ.

එම සමාගම මීට හේතු ලෙස පවසන්නේ සති අන්තයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලිබල පද්ධතියේ ඇතිවන අසමතුලිත තත්ත්වය හේතුවෙන් මෙලෙස විදුලිය බිඳවැටීම් සිදුවන බවයි.

ඒ, අනුව එම සමාගම පවසන්නේ සති අන්තයේ නිතර නිතර මේ ආකාරයෙන් සිදුවන විදුලිය බිඳවැටීම් සඳහා නිශ්චිත විසඳුමක් ලබාදිය නොහැකි බවයි.

එවැනි තත්ත්වයක සීදූව, ලියනේගේමුල්ල ප්‍රදේශයේ ජනතාවට තව දුරටත් සති අන්තයේ මේ ආකාරයෙන් විටින් විට සිදුවන විදුලිය බිඳවැටීම්වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි සීමාසහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ මතය වී ඇත්තේ.

  1. තව කල් යද්දී ලංකාව පුරාම මෙහෙම දේවල් වෙනවා. CEB එක කොටස් වලට කරපු එකේ ප්‍රථිපලයක් තමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31