සිව් හැවිරිදි දරුවා ද කුදලං කොත්මලේ ජලාශයට පැනපු කත බේරා ගනියි – දරුවා අතුරුදන්

වයස අවුරුදු 04ක් වන තම දරුවා සමග සියදිවි නසා ගැනීමට ඉහළ කොත්මලේ ජලාශයට පැනපු කාන්තාවක් මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුව ද, දරුවාගේ සිරුර මෙතෙක් සොයා ගැනීමට හැකි ව නැහැ.

අප වාර්තාකරු පැවසුවේ මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (16) පස්වරුවේ තලවාකැලේ – හොලිරුඩ් ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

41 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජලාශයට පැන ඇති අතර ඇයව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ලිදුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් ඇය ඔසවාගෙන පැන්න දරුවා ව මෙතෙක් සොයාගැනීමට හැකිව නැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.