සිව් වසරකට පසු කුවේට් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් යළි අරඹයි (වීඩියෝ)

වසර හතරක පමණ කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරට ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව කුවේට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (27) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයයේ ගුවන් යානයක් කුවේට් ගුවන් සේවය යොදවා තිබූ අතර, එම ගුවන් යානය අද (27) පෙරවරු 08.40 ට කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපොළ ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එම ගුවන් යානයට ඉතා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි වූ අතර, මෙම ගුවන් යානයෙන් මගීන් 94 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය සාමාජිකයින් 06 දෙනෙකු මෙරටට පැමිණියා.

අනතුරුව මෙම ගුවන් යානය කාර්යය මණ්ඩලය සාමාජිකයින් සහමගීන් 105 දෙනෙකු ද සමඟ පෙරවරු 09.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් බලා ආපසු පිටත්ව ගියා.

ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 31 දින සිට කුවේට් ගුවන් සේවයේ මෙරට සමඟ සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අද (27) දිනයේ සිට කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සදුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සිදුකරනවා.

  1. See this news

    This AMUTHU ATE were waiting a flight to come

    SG / DUBAI / every 1 minute either take off or landing in their air ports / terminals..

    WHAT THE FUCK these donkeys those who lived in this AMUNU ATE were dong still ??????