නිල සංචාරය අවසන් කරමින් මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටත්ව යයි

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු ( Mohomed Muizu ), සිය තෙදින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කරමින් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයිනේ, මාලේ නුවර බලා පිටත්ව ගියා.

එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ පැමිණි ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙක්ගෙන් සමන්විත එරට දූත පිරිස ද පිටත්ව ගියා.

ඔවුන් අද (06) දින උදෑසන 07.43 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !