සිරුරට හෙරොයින් එන්නත් කරගත් පූජකවරයා ජීවිතක්ෂයට

සිරුරට හෙරොයින් මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට පුවතක් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තරුණ පූජකවරයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යාපනය, නල්ලුර්, නයනමර්කට්ටු ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පූජකවරයෙක් මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

පූජකවරයාගේ මරණය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්