සිරියාවේ සහ තුර්කියේ භූ කම්පන මරණ 8,700 ඉක්මවයි

දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනවලින් පසු සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේවන විට මෙම ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 9000ට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

8,700 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

තුර්කියේ පමණක් මියගිය සංඛ්‍යාව 6,234 දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට ආපදා ඒජන්සිය පවසන්නේ.

සිරියාවේ මියගිය සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කිරීම අපහසු වන අතර එහි රාජ්‍ය මාධ්‍ය පවසන්නේ පුද්ගලයන් 2,500ක් පමණ මියගොස් ඇති බවයි.

කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ගලවා ගැනීමේ කණ්ඩායම පවසන්නේ මියගිය සංඛ්‍යාව 1,280කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සුන්බුන් අතර සිටි හය දෙනෙකුගෙන් යුත් පවුලක් නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ල තුල සිරවී සිටි දෙමව්පියන් දෙදෙනා සහ කුඩා දරුවන් සිව්දෙනා ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්වූ බවයි.

භූමිකම්පාවෙන් විපතට පත්ව ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6,000ක ගේ පමණ දිවි ගලවා ගැනීමට සහන සේවකයින් මේ වන විට සමත්ව තිබෙනවා.

බලපා ඇති සීත කාලගුණය හේතුවෙන් සිරවී සිටින පුද්ගලයින් ගේ සෞඛ්‍ය තත්ත්වය තවත් අයහපත් වීමේ අවදානමක් ඇති නිසා මේ වන විට කාලයත් සමග සටන් කිරිමට සිදුව ඇති බවයි සහන සේවකයින් පවසන්නේ.

විනාශ වූ මාර්ග, අයහපත් කාලගුණය සහ සම්පත් හා උපකරණ හිඟකම හේතුවෙන් ගලවා ගැනීමේ සේවකයින් දරුණුතම හානියට පත් ප්‍රදේශ කිහිපයකට ළඟා වීමට දැවැන්ත උත්සහයක් දරමින් සිටිනවා.

ඇතැම් ප්‍රදේශවලට ඉන්ධන හිඟය සහ විදුලිය නොමැතිකම ද බලපා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 12කට ආසන්න සිවිල් යුද්ධයකින් පසු දැනටමත් මානුෂීය අර්බුදයකින් පීඩාවට පත්ව සිටින සිරියාවේ තත්ත්වය පිළිබඳව ආධාර නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ජාත්‍යන්තර ආධාර සිරියාවට ළඟා වී තිබුණ ද ඒවා බෙදා දීම වෙනුවෙන් හානියට පත් මාර්ග නිසා ආපදාවට පත් ප්‍රදේශවලට ප්‍රවේශය වීම අපහසු වී තිබෙනවා.

සඳුදා අලුයම Gaziantep අසල රිච්ටර් මාපකයේ පළමු 7.8ක කම්පනය සිදු වූ අතර ඉන් පසුව 7.5 ක ප්‍රබලත්වයකින් යුත් කම්පනයක් සිදු වුණා.

දිවි ගලවා ගත් අයට අඟහරුවාදා රාත්‍රියේ සීතල කාලගුණය සැබවින්ම දැනෙන්නට ඇති අතර තුර්කියේ පළමු භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය වන Gaziantep හි උෂ්ණත්වය -1C දක්වා පහත බැස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සතියේ ඉතිරි කාලය තුල Gaziantep හි රාත්‍රියේ උෂ්ණත්වය -7C දක්වා පහත වැටෙන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් පළාත් 10ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

නමුත් 1999 වසරෙන් පසු තුර්කියට බලපෑ දැවැන්තම භූමිකම්පාවට බලධාරීන්ගෙන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොමැති බව තුර්කි නගර කිහිපයක පදිංචිකරුවන් චෝදනා කරනවා.

මේ අතර තුර්කි රජයට එරෙහිව එරට ජනතාව දැඩි විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වසර 24 කට පෙර හඳුන්වා දුන් “භූමිකම්පා බද්ද” හේතුවෙන්.

1999 වර්ෂයේදී වයඹ දිග තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ පසු මෙම භූමිකම්පා බද්ද හඳුන්වා දීමට තුර්කි රජය පියවර ගනු ලැබූ බව සඳහන්.

ඒ ස්වභාවික ආපදා වැළැක්වීම සඳහා වියදම් කිරීමේ අරමුණින්.

අමෙරිකානු ඩොලර් බිලියන 4.6ක මුදලක් ඒ සඳහා එක්ව තිබෙන බවත් එම මුදල් වියදම් කරන ආකාරය තුර්කි රජය කිසිවිටෙක ප්‍රසිද්ධියේ පැහැදිලි කර නොමැති බවයි එරට ජනතාව විරෝධය පළකරමින් ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාව සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ශෝකය පළ කර තිබෙනවා.

මේ අතර, දකුණු කොරියාව කියා සිටියේ තුර්කියට හදිසි මානුෂීය ආධාර වශයෙන් ඩොලර් මිලියන 5 ක් ලබා දෙන අතර, එහි සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා කම්කරුවන් 110ක් පිටත් කර හරින බවයි.

වෛද්‍ය සැපයුම් ද ලබා දෙන බව දකුණු කොරියා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12