සිරාජ්ගේ නොසණ්ඩාල හැසිරීමට එරෙහිව ICCයෙන් දඩයක් හා සෘණ ලකුණක්

පසුගියදා (06) ඇඩිලේඩ් නුවර දී ඔස්ට්‍රෙලියාවට කඩුලු 10ක විශිෂ්ට ජයක් අත්පත් කර දුන් බෝඩර් ගවස්කාර් කුසලාන ඉන්දු – ඔස්ට්‍රෙලියා දෙවැනි ටෙස්ට් ගැටුම අතරතුර දී ඉන්දීය වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ගේ ආවේගශීලී හැසිරීම් රටාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ මුදලක් සහ විනය වාර්තාවලට සෘණ ලකුණක් එක් කර තිබෙනවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් සත්කාරක ඔස්ට්‍රෙලියාව පන්දුවට පහරදෙමින් සිටියදී; එම කණ්ඩායමේ පිතිකරු ට්‍රවිස් හෙඩ් ලකුණු 140කට සිරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී යද්දී; සිරාජ් එය උපහාසාත්මක බවින් තොරව දැඩි අපහාසාත්මක අයුරින් අත් සහ මුහුණේ ඉරියව් ආවේගශීලීව වෙනස් කරමින් සිය ප්‍රතිවාදී පිතිකරුවා වන හෙඩ්ට ක්‍රීඩාගාරයෙන් ඉවත් යන ලෙසට අණ කෙරුණා.

මීට සිරාජ් තරමට ම ආවේගශීලී නොවුණු ට්‍රවිස් හෙඩ් ද ඊට පිළිතුරක් ලබා දී ක්‍රීඩාගාරය වෙත යන අයුරුත්, ඔහු ලබාගත් විශිෂ්ට ඉනිම වෙනුවෙන් සමස්ත ප්‍රේක්ෂකාගාරය ම නැගිට අත්පොළසන් දෙන අයුරුත් මෙම සිදුවීමත් සමග ම දක්නට ලැබුණා.

කෙසේවෙතත් මොහොමඩ් සිරාජ්ගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද දැඩි විවේචන එල්ල වී තිබුණු පසුබිමකදියි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිරාජ්‍ට දඩ මුදලක් තරග ගාස්තුවෙන් නියම කර ඇත්තේ.

එය තරග ගාස්තුවෙන් සියයට 20ක මුදලක්.

නමුත් ට්‍රවිස් හෙඩ්; සිරාජ්ගේ බැණ වැදීමට දුන් උණුසුම් පිළිතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඔහුට එරෙහිව දඩ මුදලක් නියම කිරීමට තරම් හේතුවක් වී නැහැ.

නමුත් සිරාජ්ගේ ක්‍රියාවට එරෙහිව හෙඩ් ද උණුසුම් අයුරින් වචන හුවමාරුවක නිරත වීම නිසා ඔහුට ද චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරදට විනය වාර්තාවට එක් දෝෂ ලකුණක් හිමිගැන්වෙනු ඇති.

කෙසේවෙතත් මෙම තරගය ඔස්ට්‍රෙලියාව ජයගත්තේ ට්‍රවිස් හෙඩ් තරගයේ ද වීරයා බවට පත් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46