සිරකරුවන් 779 කට ජනාධිපති සමාව

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකුට ජනාධිපතිවරයා පොදු සමාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සමාව ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ.