සිය දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීමට පැමිණි පියෙකු ජීවිතක්ෂයට

මහකනදරාව ජලාශයේ දියනෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර , තෙල්දෙණිය ප්‍රදේශයේ අවුරුදු හතළිස් එකක් පමණ වයසති රන්කොත් ගෙදර සුනන්ද නිහාල් ඉරෝෂණ යන පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත භාරයක් සිදුකිරීම සදහා ඥාති පිරිසක් සමග අද (22) උදෑසන අනුරාධපුරයට පැමිණ ඇති අතර නැවත නිවස බලා යන අතර මගදී මිහින්තලයට පැමිණ මහකනදරා වැවේ දිය නෑමට ගොස් තිබේ.

පැමිණ පිරිස සමග දිය නාමින් සිටියදී මෙම පුද්ගලයාට පිහිනීමට හැකියාව තිබෙන බවත් මහකනදරාව ජලාශයේ ඇති ගහකට නැග ඉන් පහළට පැන ඇති අතර නැවත දිය මතුපිටට නෝපැමිනීම නිසා සියලු දෙනා කලබල වූ බවත් ඥාතීන් පවසයි.

පසුව මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් පැයකට පමණ ආසන්න කාලයකට පසුව එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබේ.

එම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම පුද්ගලයා , මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ දැලකට හසුව සිටියදී සොයාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56