සියලු විශ්ව විද්‍යාලවල අනද්‍යන කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත් වෙයි

විශ්ව විද්‍යාලවල අනද්‍යන කාර්ය මණ්ඩලය අද (28) දින සේවාවලින් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලය සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු සියලු විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවාවන් අඩාල වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

පුස්තකාල කටයුතු, සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු සේවාවන් රැසක් අද (28) දිනයේ සිදු නොකෙරෙන බව ද සඳහන්.