සියල්ලන් හඬවමින් පුතුගේ උපාධි සහතිකය ලබාගන්න වේදිකාවට ගොඩ වූ මව (ඡායාරූප)

යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (20) පැවති උපාධි ප්‍රධානෝත්සවය එහි පැමිණ සිටි සියල්ලන් සංවේදී කළ අවස්ථාවක් බවට පත් වුණා.

ඒ, අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් උපාධි සම්පූර්ණ කළ තම පුතුගේ උපාධි සහතිකය ලබාගැනීමට මවක් වේදිකාවට ගොඩවීමත් සමඟයි.

යාපනය විශ්වවිද්‍යාලයේ එවකට වව්නියාව මණ්ඩපයේ ඉගෙනුම ලැබූ හසාන් සාගර දිසානායක සිසුවාගේ උපාධි සහතිකය ලබාගැනීමට ඔහුගේ මව මෙලෙස පැමිණ තිබුණා.

ඒ, උපාධි සම්පූර්ණ කර සිටිය දී සාගර හදිසි අනතුරකට ලක්ව අවාසනාවන්ත ලෙස මියගොස් සිටීම හේතුවෙන්.

මේ වන විටත් ජීවතුන් අතර නොමැති සිය පුතුගේ උපාධි සහතිකය එම මවට පිළිගන්වනු ලැබුවේ යාපනය විශ්වවිදයාලයේ කුලපති මහාචාර්ය සී. පද්මනාදන් විසින්.

එහිදී මව කඳුළු සලමින් සිය පුතාගේ උපාධි සහතිකය ලබාගත් අතර, එම අවස්ථාව එහි පැමිණි සිටි සියල්ල සංවේදී කළ සිදුවීමක් වුණා.

එම අවස්ථාවේ දී සාගරගේ විශ්ව විද්‍යාල මිතුර මිතුරියන් ද හඬාවැටෙමින් උපාධි සහතිකය ලබාගත් මව වේදිකාවෙන් රැගෙන යාමට කටයුතු කළ ආකාරය දක්නට ලැබුණා.

මැදවච්චිය ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් මෙම විශ්ව විද්‍යාල සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38