AFC Banner
Empty Ad
Empty Ad

සියරාලියෝන් ජනපති නිල සංචාරයක් සඳහා දිවයිනට

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ජනාධිපතිවරයා සමඟ 09 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද දිවයිනට පැමිණි බවයි වාර්තා වුණේ.

ඔවුන් සියරාලියෝන් රාජ්‍යයට අයත් 9 එච්.වී.11 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 05.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනට පැමිණි සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියා.

අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු මෙරටට පැමිණි පළමු රාජ්‍ය නායකයා වන්නේ සියරාලියෝන් ජනාධිපතිවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?