spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් රතු එළියක්‌

ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම් මුදලින් 45% ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ,අනුව ඉදිරියේ දී එම ගාස්තුව අයකර ගතහොත් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරන බවයි එම සංගමය සඳහන් කළේ.

මේ වනවිටත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට 0.25% ක මාසික ගාස්තුවක් ගෙවන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම් මුදල සීමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති අතර, එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම් මුදලින් එම ගාස්තුව අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බවට දැනුම්දී ඇති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?