spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිනොපෙක් ඉන්ධන මිල ගණන් වෙනස් වෙයි

අද පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට සිනොපෙක් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල නොවෙන්ස්ව පවතින අතර එහි මිල රුපියල් 358ක්.

රුපියල් 356ක්ව පැවති සිනොපෙක් සමාගමේ සුපිරි ඩීසල් ලීරයක මිල රුපියල් 61කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 417ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක්.

ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිනොපෙක් සමාගම පියවර ගෙන තිබෙනවා. එහි නව මිල ‌වන්නේ රුපියල් 420ක්.

මෙම ගාස්තු සංශෝධන අද පස්වරු 6 සිට ක්‍රියාත්මකයි.

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගාස්තු ද සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සෑම මසක ම පළමු වැනිදා ක්‍රියාත්මක කරන මිල සූත්‍රයට අනුවයි.

මේ අතර ලබන 04 වැනිදා ගෑස් මිල සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

පසුගිය මාසයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ නංවනු ලැබුවා.

Sinopec Fuel
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
3
+1
5
+1
2
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?