සිනොපෙක් ඉන්ධන තොග කොළඹ වරායට

සීමාසහිත Sinopec Energy Lanka (Private) Limited සමාගමේ පළමු ඉන්ධන තොග දෙක ඊයේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම සමාගම නිවේදනය කළේ SI CHOUZHI LU සහ CHANG HANG KAI TUO විසින් මෙම ඉන්ධන තොග නැව්ගත කර ඇති අතර එහි ඛනිජ තෙල් නිෂ්පාදන මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වන බවයි.

එම නිෂ්පාදනවලට ඔක්ටේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් ඇතුළත්.

මෙම ඓතිහාසික පළමු තොගයේ පැමිණීම, රට තුළ ස්ථාවර ඉන්ධන සැපයුමක් සඳහා වන සිය කැපවීම අවධාරණය කරනු ඇති බවටයි Sinopec සමාගම ප්‍රකාශ කර ඇත්තේ.

Sinopec සමාගම පසුගිය මැයි මස 22 වනදා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ දීර්ඝ කාලීන ගිවිසුමකට එළඹුණා.

අනතුරුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග ද Sinopec සමාගම ජුලි 14 වෙනිදා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

2021 වසරේ දී Fortune Global 500 ලැයිස්තුවේ 5 වන ස්ථානයට පත්, China Petrochemical Corporation (Sinopec) ලොව විශාලතම තෙල් පිරිපහදු සමාගම වන අතර දෙවන විශාලතම තෙල් හා ගෑස් නිෂ්පාදකයා ලෙසටයි වාර්තා අතරට එක්වී ඇත්තේ.

සමාගමේ මුළු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව දැනට ලෝකයේ දෙවන ස්ථානයට ද පත්ව තිබෙනවා.

එහි පළමු තොගය සාර්ථක ලෙස ශ්‍රී ලංකාවට පැමිණීම හමුවේ දිවයින පුරා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක සහ බලයලත් පිරවුම්හල් 150ක් පිහිටුවීමට ද දැනටමත් සූදානම් වෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20