spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම ජූනි මාසයෙන් අවසන් (ඡායාරුප)

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වාසය බවයි සදහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (22)දින පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමින්.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව මෙහිදී ඔප්පු ප්‍රදානය කිරිමටද එක් වුණා.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව අද (22)දින පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

image 22
image 23
image 23
image 24
image 24
image 25
image 25
image 26
image 26
image 27

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?