සින්දූර් මෙහෙයුම මුදා හැරිය ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක් – මෝදිගෙන් ප්‍රකාශයක්

“සින්දූර් මෙහෙයුම මුදා හරින ලද ත්‍රස්තවාදයට සුදුසු පිළිතුරක්” බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

අගමැති මෝදි පැවසුවේ පහල්ගම්හි ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරන ලද්දක් බවයි.

අද (29) දින වසර 50ක් සපිරෙන සිකීම් රාජ්‍යත්වය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සින්දූර් මෙහෙයුමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී තම රට එක්සේසත් වී ඇති බවට විශ්වාස කරන බවයි.

හිමාලයානු රාජ්‍යය “ජාතියේ අභිමානය” බවත් එහි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බව ද මෝදි අගමැතිවරයා කියා සිටියා.

“පසුගිය මාසයේ පහල්ගම් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන්ට එරෙහි සින්දූර් මෙහෙයුම ඉන්දියාවේ භීතිය මුදා හැරිය අයට සින්දූර් මෙහෙයුම සුදුසු පිළිතුරක් වුණා. පහල්ගම්හිදී ත්‍රස්තවාදීන් කළේ මනුෂ්‍යත්වයට පහරදීමක්, දැන් අපි ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් වී සිටිමු,” අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිකිම් රාජ්‍යත්වයේ ස්වර්ණ ජයන්ති සැමරුමට සහභාගී වීම සඳහා අගමැති මෝදිගේ යෝජිත සංචාරය මෙහිදී අවලංගු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14