සිනහා වායුව තහනම් කෙරේ

බ්‍රිතාන්‍යය රජය විසින් ‘සිනාසෙන වායුව’ නමින් හැඳින්වෙන නයිට්‍රස් ඔක්සයිඩ් (N2O) භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

රොයටර්ස් පුවත් සේවය වාර්තා කළේ මෙම වායුව භාවිත කිරීම හෝ ළඟ තබා ගැනීම තහනම් කර ඇත්තේ සමාජ විරෝධී හැසිරීම් මැඩලීම සඳහා බවයි.

අද දින සිට මෙම නව නීතිය බ්‍රිතාන්‍යය තුළ බලාත්මක වනු ඇති.

මෙම වායුව භාවිත කර බොහෝ පුද්ගලයින් විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, භාවිත කිරීම සහ විකිණීමට යොමු ව සිර දඬුවම්වලට ලක් ව ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වායුව මගින් ප්‍රීතිය හා විනෝදය ඇති කළ ද, එය භාවිත කිරීම තුළින් අයහපත් සෞඛ්‍ය රටා ගොඩනැගෙන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

එමෙන්ම මෙම වායුව භාවිත කර,සැකසූ මත්ද්‍රව්‍ය හේතුවෙන් දිගු කලක සිට පොදු ස්ථානවල පවා සමාජ විරෝධී හැසිරීම් සිදු වීමට එය දායක වී ඇති බවත්, එය ප්‍රජාව විනාශ කිරීමට හේතුවක් බවත්, එය අනුමත කළ නොහැකි බව ද බ්‍රිතාන්‍යයේ පොලිස් අමාත්‍ය ක්‍රිස් ෆිල්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

නව තහනම යටතේ, සිනහ වායුව නැවත නැවතත් අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයින්ට දඩ හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් විය හැකි බවත්, එය මත්ද්‍රව්‍ය ගනුදෙනු කිරීමේ දී යොදා ගතහොත් උපරිම සිර දඬුවම වසර 14 දක්වා වැඩි වන බව ද වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, නයිට්‍රස් ඔක්සයිඩ් යනු වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණයින් විසින් භාවිතා කරන තුන්වන තැන හොබවන වඩාත් සුලබ ඖෂධයක්.

අධික ලෙස භාවිත කිරීම රක්තහීනතාවට හේතු විය හැකි බවත්, දරුණු සෞඛ්‍ය ප්‍රතිඵල ලෙස ස්නායු ආබාධ හෝ අංශභාගය ඇති විය හැකි බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18