Empty Ad
Empty Ad
AFC Banner

සිත්පිත් නැතිව මිනිසා

අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථාන රැසක් පිහිටි පැරණි පූජා භූමියේ කුටිය පන්සල ඉදිරිපිට සිටි සුනඛ පැටවුන් පස් දෙනකු එක්තරා ව්‍යාපෘතියක සේවයේ නියුතු ට්‍රැක්ටර් රථ රියැදුරකු විසින් රථයට යටකර මරා දැමීමේ පුවතක් එම ප්‍රදේශවාසීහු අනාවරණය කළහ.

පසුගිය දිනක අනුරාධපුර නගරයට දැඩි වර්ෂාව ඇදහැලෙමින් තිබූ දින මෙම බලු පැටවුන් සහ බැල්ලියක ගෝනියක දමා එහි කට ලණුවකින් ගැට ගසා කාඩ්බෝඩ් පෙට්ටියක සිරකර අනුරාධපුර ගල්පාලම ප්‍රදේශයට ගමන් කරන ප්‍රධාන මාර්ගය අයිනේ දමා ගොස් ඇති අයුරු ප්‍රදේශයේ කාන්තාවකට හමු වී තිබේ.

මඟ අයිනේ වූ මෙම පෙට්ටිය විවර කළ අවස්ථාවේ දෑස් පවා හරිහැටි විවර නොකළ පැටවුන් සහ එම පැටවුන්ගේ මව එළියට පැන තිබේ. බැල්ල කාන්තාවට අනතුරක් සිදුකර නැති අතර පසුව කුඩා සුනඛ පැටවු හය හත්දෙනකු එහි සිටිනා අයුරු ඇය දැක සතුන්ට අනතුරක් නොවන අයුරින් කුටිය පන්සල මාර්ගයේ තබා දිනපතා මෙම බැල්ලිට සහ පැටවුන්ට අහාර හා කිරි ලබාදීමට කටයුතු කර තිබේ.

මෙම පැටවුන් බැල්ල සමඟ කුටිය පන්සල ආසන්නයේ දින කිහිපයක් දිවිගෙවා තිබේ.

මෙම ප්‍රදේශයෙන් ගමන් ගන්නා එක්තරා ව්‍යාපෘතියක හිත්පිත් නොමැති ට්‍රැක්ටර් රථ රියැදුරකු විසින් ඔහු පැදවූ රථයට බලු පැටවුන්  පස්දෙනකු හිතා මතාම යටකර මරා දමා පසුව මියගිය සිරුරු සියල්ලට පයින් ගසා වීසි කරන ආකාරය මාර්ගයේ ගමන් කළ කිහිපදෙනකු දැක තිබේ.

රියැදුරා යන මාර්ගයේ සුනඛ පැටවුන් එහා මෙහා යෑම නිසා රියැදුරා දින කිහිපයක්ම කේන්තියට පත්වී සිට ඇති අතර සුනඛ පැටවුන් එක පෙළට යන අවස්ථාවේ රියැදුරා තිරිසන් අන්දමින් සුනඛ පැටවුන් පස්දෙනකු යටකර මරා දමා තිබෙන අතර මේ වනවිට බැල්ලට එක් පැටවකු පමණක් ඉතිරිව ඇති බව ගම්වැසියෝ පැවැසූහ.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් තීරණ දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුව - 2025-01-21
01:00:57
Video thumbnail
ඔයාට රිදෙනවා නම් මට කරන්න දෙයක් නෑ - අගමැතිනි සැර වෙයි
11:19
Video thumbnail
චීනේ ගිහින් ගහපු ගිවිසුම් ගැන අපි දැනගන්න කැමතී
09:02
Video thumbnail
දයාසිරි - සමන්ත පාර්ලිමේන්තුවේ ඇවිලෙයි
11:54
Video thumbnail
චාමර සම්පත්ට වැඩ වරදියි - දරුවන්ට දීපු සල්ලි ටික සාක්කුවේ දාගෙන
09:17
Video thumbnail
තාජුඩීන්ව මැ#රුවේ කවුද කියලා දන්නවා - ඔයා බබා වෙන්න හදන්න එපා
13:29
Video thumbnail
තමන්ගේ ආරක්ෂාව අඩුකළත් - ගේ ගත්තත් - අඬන ජාතියේ බඩුවක් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන්නේ
05:17
Video thumbnail
බය කරලනම් වැඩේ කරගන්න හදන්නේ ඒක සාර්ථක වෙන්නේ නෑ - නාමල්ට තදවෙයි
11:33
Video thumbnail
චාමර සම්පත් යකා නටයි - තුම්මුල්ලේ විමල් වගේ හැසිරෙන්න එපා
11:53
Video thumbnail
🛑පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.21 | LIVE
32:06

?