සිඩ්නි නගරයේ වෙඩි තැබීමක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ ඉරිදා සවස සිඩ්නි හි අභ්‍යන්තර බටහිර වීදියක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

එහිදී වෙඩි ප්‍රහාර 100ක් පමණ වෙඩික්කරු විසින් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රෝහල් ගතකළ පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර වෙඩික්කරු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.