සිංගිමලේ අතුරුදන් වූ සිසුවාගේ නිසල සිරුර මහත් පරිශ්‍රමයකින් සොයා ගැනේ

හැටන් සිංගිමලේ ජලාශයේ ගිලී අතුරුදන් වූ රාම් මූර්ති තමිල් මාරන් නමැති 17 හැවිරිදි පාසල් සිසුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පුරා පැය ගණනාවක දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව නාවික හමුදාව විසින් එම සිසුවාගේ මළසිරුර ගොඩට ගෙන ආ බවයි.

කොටගල කේම්බ්‍රිජ් විදුහලේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා ඔහුගේ මිත්‍රයින් සමග ඊයේ (08) දින සිංගිමලේ ජලාශය වෙත ඡායාරූප ගැනීමට පැමිණ තිබුණා.

ඡායාරූප ගැනීමෙන් අනතුරුව මියගිය සිසුවා සිය මිතුරන් සමග වැව් බැම්ම මතින් පැමිණෙමින් සිටියදී දියට බැස ඇත්තේ පා සෝදා ගැනීමටයි.

එහිදී එම සිසුවා ලිස්සා ගොස් ජලාශයට වැටී අතුරුදන් ව තිබෙනවා.

ගොඩට ගත් සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලට යොමු කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යි.

මෙම සිසුවා ඊයේ පස්වරුවේ නිවසින් බැහැර ව ගොස් ඇත්තේ බාහිර පන්තියකට යන බවට පවසා වන බවත් දරුවාගේ දෙමාපියන් විදෙස්ගත ව සිටින බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39