සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ගෝලීය පරිවර්තනයන් සිදුවන මෙම යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් අප මේ වනවිට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවයි ජනධිපතිවරයා සඳහන් කළේ.

එහිදී සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදාගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් සහතිකවන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“මිත්‍රත්වය යනු මනුෂ්‍යත්වයේ වටිනාම බැඳීම්වලින් එකක්. එය පුද්ගලයන්, ප්‍රජාව සහ සංස්කෘති එකට යා කරනවා. සීමා අතික්‍රමණය කරනවා. මානව සබඳතා වර්ධනය කරනවා. ඒ වගේම වඩා හොඳ ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් පොදු අරමුණු හරහා ජාතීන් එක් තැනකට ගෙන එනවා.
“2025 එක්ස්පෝ” ප්‍රදර්ශනය මෙම පරමාදර්ශය පෙන්නුම් කරන අවස්ථාවක්. මිත්‍රත්වය සහ පොදු අරමුණු සමරන මේ අවස්ථාවේ ජපානය සහ අනෙකුත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. ඓතිහාසික ඔසාකා නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා දිනය සැමරීමට ඔබ සමඟ එක්වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා.
“එක්ස්පෝ 2025” ජාතීන් 150කට අධික සංඛ්‍යාවකට අන්‍යෝන්‍ය මිත්‍රත්වය, සහජීවනය, සංස්කෘතික විවිධත්වය සහ සෑම සමාජයකම පවතින මානව වටිනාකම් ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සපයන ගෝලීය වේදිකාවක්. මෙහිදී අප ශ්‍රී ලංකා උරුමයේ පොහොසත්කම පමණක් නොව, තිරසාර ශක්තිමත් මෙන්ම අනාගතයට සූදානම් ජාතියක් ලෙස අපගේ පැහැදිලි දැක්ම ලෝකයට ඉදිරිපත් කරනවා.
එක්ස්පෝ වැනි ජාත්‍යන්තර වේදිකාවලදී අප සතු ශක්තින් සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ගෝලීය ප්‍රජාව තුළ වගවිය යුතු සහ ඉදිරි දැක්මක් ඇති හවුල්කරුවෙකු ලෙස අපගේ භූමිකාව නැවත තහවුරු කරනවා. ශ්‍රී ලංකාව එක්ස්පෝ 2025 සහභාගිත්වය තුළින් නවීන මෙන්ම නිෂ්පාදන පාදක ආර්ථිකයක් කරා ගමන් කරමින් තීරණාත්මක ආර්ථික පරිවර්තනයක් සඳහා අප දක්වන කැපවීම ලෝකයේ අනෙක් රටවලට පෙන්වීමටද මහඟු අවස්ථාවක් වෙනවා. මෙහිදී තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ අපිට බහුලව පවතින සමුද්‍ර සම්පත් තිරසරව භාවිතා කිරිම ඇතුළු ඉහළ විභවයන් තිබෙන අංශ පෝෂණය කිරිම සම්බන්ධයෙන් අප සතුව ඇති පැහැදිලි ප්‍රතිපත්තිය මනාව පිළිඹිබු වෙනවා.
“එක්ස්පෝ 2025” තේමාව වන්නේ අප සඳහා අනාගත සමාජයක් නිර්මාණය කිරීමයි. එහි දැක්ම වන්නේ අනාගත පරම්පරාවට, විශේෂයෙන් අපේ දූ දරුවන්ට වඩා හොඳ ජිවිතයක් නිර්මාණය කිරීමයි. ගෝලීය පරිවර්තනයන් සිදුවන මේ යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ අපේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතකයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් අපි දැන් තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටිනවා. මෙහිදී සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් අප සහතික වෙනවා.
2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනිමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් ගණනාවක් පැරණියි. මෑත කාලයේ එය පෙරටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. අපගේ සමීප මිතුරෙකු ලෙස ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා වගේම සාර්ථක කාලවලදී අප සමඟ එම සතුට සැමරීමටද එක් වන හවුල්කරුවෙක්. බොහෝ ශ්‍රී ලාංකිකයින් දැන් ජපානයේ ජීවත් වෙනවා. මේ හරහා විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අද අපි මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ වුවත්, එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා මණ්ඩපය අපේ ජාතිය සතු නොසැලෙනභාවය, සංස්කෘතික අභිමානය සහ අනාගතය පිළිබඳ විශ්වාසය පෙන්නුම් කරනවා.
අද දින එක්ස්පෝ 2025 නැරඹීමට මට අවස්ථාව ලැබුණා. මෙම ප්‍රදර්ශනය උත්කර්ෂවත් ලෙස සාර්ථක කර ගැනීමට එහි සංවිධායක මණ්ඩලයට මම උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ශ්‍රී ලංකා මණ්ඩපය සහ ශ්‍රී ලංකා දින සැමරුම සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජය මෙන්ම එක්ස්පෝ 2025 සංගමය ලබා දුන් අමිල සහයෝගය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරනවා.
ශ්‍රී ලංකාවේ පුරාණ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය, ආකර්ෂණීය සංචාරක ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ තේ, මැණික් සහ කුළුබඩු වැනි ප්‍රසිද්ධ නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහිදී භෞතික ප්‍රගතියට සීමා නොවී මානව වටිනාකම් මත පදනම් වූ සමෘද්ධිමත් ලෝකයක් සහ සුන්දර අනාගතයක් ගොඩනැඟීමට අප සතු කැපවීම නැවතත් තහවුරු කරනවා.
සෑම සිහිනයක්ම සැබෑ කරගත හැකි, සියලු දෙනාටම බැබළෙන්නට හැකි සහ ජාතියකට ශ්‍රේෂ්ටත්වය අත්කරගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18