කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මානව සම්පත් කමිටු පිහිටුවීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව සිටින කම්කරු අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන්, ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, මානව සම්පත් සහ රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කම්කරු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙම කමිටුව පිහිටුවනු ලබයි.
ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලට ගැළපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය බිම් මට්ටමේ අදහස් සෘජුව ලබාගැනීම සඳහා මෙම කමිටු පිහිටුවනු ලබයි.
ඒ අනුව ප්‍රායෝගිකව සහ කාර්යක්ෂමව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අවකාශය උදාවනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම කමිටු මගින් ගම් මට්ටමේ පවතින ගැටලු හඳුනාගෙන ඒවා ජාතික මට්ටමට රැගෙන ඒම සදහා වන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම කමිටු පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු වහාම ආරම්භ කරන ලෙසත්, එම කමිටු කළමනාකරණය කිරීමේ වගකීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් වෙත පවරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නා.










