සැලසුම්කර සිදුකළ රිය අනතුරකින් පුද්ගලයෙක් ඝාතනය කරලා – තරුණයෙක් අත්අඩංගුවට

සන්දිවේලි පොලිස් වසමේ මොරකොටන්චේන – කළුවන්කේණි මාර්ගයේ දී පාපැදිකරුවෙක් කැබ් රථයක ගැටී ඊයේ (22) උදෑසන බරපතළ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65 ක් වූ කළුවන්කේණි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දරුවා විසින් මෙම මරණය සැකකටයුතු බවට ප්‍රකාශ ලබාදී ඇති අතර අනතුර සම්බන්ධ විමර්ශනයේදී මෙම අනතුර සැලසුම් සහගතව සිදුකළ අනතුරක් බවට නිරීක්ෂණය වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු අනතුරින් පසු පලාගොස් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 24ක් වයසැති සැකකාර රියදුරා සහ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා අතර පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15