සැප රියෙන් පැමිණි ජයන්ත සමරවීර පුද්ගලයෙකුට පහර දුන් බවට චෝදනා

ආරක්ෂක නිලධාරීන් අත්දෙක අල්ලාගෙන සිටියදී ජයන්ත සමරවිර මහතා ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ පානදුර දිග්ගල හිටපු සංවිධායකවරයෙකු මෙන්ම අපේක්ෂකයෙකු වන විශ්වනාත් ද අල්විස් නැමැති 42 දෙදරු පියෙකි.

පහර කෑ පුද්ගලයා අද සවස් වරුවේදී  ජයන්ත සමරවීරගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා සමග බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවසක ට පැමිණ තිබූ බව පොලිසිය කියයි.

මද වේලාවක දී ජයන්ත සමරවීර සහ පිරිසක් එම අවමඟුල් නිවසට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයා ඔහු සමග පැමිණි හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා සමග නිවස කරා යාම සඳහා යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

මද වේලාවකදී බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට පැමිණි ඔවුන් බණ්ඩාරගම දෙසට යාම සඳහා මද දුරක් පැමිණීමේදී සුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණ තිබූ මන්ත්‍රීවරයා යතුරු පැදිය නවතන ලෙස පවසා ඔහු අසලට පැමිණ ඇති අතර
ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්දෙක අල්ලාගෙන සිටියදී ජයන්ත සමරවීර සහ තවත් පුද්ගලයන් කීප දෙනකු එක්ව ඔහුට පහරදුන් බවත් එම අවස්ථාවේදී  සමරවීර මහතා පා පහරක් ද යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බව ඔහු කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

පැමිණිල්ල සිදු කරමින් සිටිය දී පහර කෑ පුද්ගලයා ක්ලාන්තව බණ්ඩාරගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඇද
වැටුණු අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ එම පුද්ගලයාගේ හිතවතුන් මූලික ප්‍රතිකාර ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.

සහකාර පොලිස් අධිකාරී  උපාලි  මහත්වරුන්ගේ  උපදෙස් මත  බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සී රාජපක්ෂ ,සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.චාමින්ද මහත්වරු පරීක්ෂණ පවත්වයි.

image 30
image 31