සැප්තැම්බර් සිට ට්‍රම්ප්ගේ මිලිටරියේ ප්‍රහාර හමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 145 දෙනෙක්ට දිවි අහිමි වෙයි

කැරිබියන් කලාපයේ සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බෝට්ටු තුනකට ඇමෙරිකානු හමුදා වුඉසින් එල්ල කරනා ලද ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෙරේදා (16) දිනයේ සිට අද දක්වා කැරිබියන් කලාපයේ සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුම් අතරතුර මෙම පහාරදීම් සිදුකර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා අවම වශයෙන් ජිවිත හානි 145 ක් පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.